පව් ගෙවන පිං ළිඳ
ගමටම වතුර දුන්නා ඈ පෙර දවස
බීමට නෑමටයි නොම කෙරුවා වෙනස
නිකමට අහන් නෑ අද ඇගෙ කල දවස
ළිදකට තිබුන් නෑ මතු පෙනෙනා දිවැස
කළ ගෙඩි පුරව පුරවා නොරිදා නිතඹ
කලබල නැතිව පඩි නැග අඟනෝ සරඹ
සුල මුල, කිසිදාක සිඹ නොබලා පුසුඹ
සැල කිලි කාට කාටත් කල ඈ සුරබ
උතුරා ඈ මුවින් ගලනා වැඩි වතුර
අතුරා වෙල පුරා වක්කඩ ලග නිතර
මතුරා නොවේ අඟනුන් දෙඩුවේ කෙබර
මිතුරා නොමිතුරා දිය නෑවේ මගැර
පිල්කඩ උඩ තබා රෙදි කම්බා සරම
සිල් බිද නොගෙන අඟනෝ දිය නෑ අරුම
මල් මල් සුවද සබනුයි ගෑවේ සැවොම
ඇල් දිය දනී සිල් ඇත්තන්ගේ තරම
මිලක් අය නොකර පුරවා කළ පේලී
කටක් නොකියාම සිත් රිදෙනා සෝලි
පලක් ඇති නැතා කාටත් ඈ වාලි
ගොඩක් අය කැමති පිට ගම ඇල වේලි
පෙලක් ලිං වතුර බිව්වෙත් හොදට නිවා
බරක් උවත් ලිද කිසිදා නොදිනි ඔවා
පලක් නෑ සුබස, අදහම පුදති වවා
වරක් නොව දහවරක් ගිනි දළු දමපි නිවා
ඈත දුරක සිට ආවා නල වතුර
පාත උඩ ගෙවල් කිසි වෙනසක් නොකර
භීත කර සිතුම් බිල ආවත් නිතර
ආත බූත ගම "පිං ළිඳ" යයි වැහර
දිය රෙදි ඉහිල් කර අඟනෝ පිට ඉලුව
පය උල උලා විලුබේ හැඩ රුව බැලුව
කිය කිය පරණ මතකේ අඩුවක් නැතුව
කය මිස හිත අහිමි ගස් ගල් අද තනිව
කලක් ගොසින් ළිඳ සිත්තුල මිය ඇදුනා
දනක් උසට හබරල වල් පැල වැඩුනා
පලක් නෑ වලක් කසු කුසු කන වැටුනා
ළිඳක් නොව කඳුළු විලකැයි මට සිතුනා
බීමට නෑමටයි නොම කෙරුවා වෙනස
නිකමට අහන් නෑ අද ඇගෙ කල දවස
ළිදකට තිබුන් නෑ මතු පෙනෙනා දිවැස
කළ ගෙඩි පුරව පුරවා නොරිදා නිතඹ
කලබල නැතිව පඩි නැග අඟනෝ සරඹ
සුල මුල, කිසිදාක සිඹ නොබලා පුසුඹ
සැල කිලි කාට කාටත් කල ඈ සුරබ
උතුරා ඈ මුවින් ගලනා වැඩි වතුර
අතුරා වෙල පුරා වක්කඩ ලග නිතර
මතුරා නොවේ අඟනුන් දෙඩුවේ කෙබර
මිතුරා නොමිතුරා දිය නෑවේ මගැර
පිල්කඩ උඩ තබා රෙදි කම්බා සරම
සිල් බිද නොගෙන අඟනෝ දිය නෑ අරුම
මල් මල් සුවද සබනුයි ගෑවේ සැවොම
ඇල් දිය දනී සිල් ඇත්තන්ගේ තරම
මිලක් අය නොකර පුරවා කළ පේලී
කටක් නොකියාම සිත් රිදෙනා සෝලි
පලක් ඇති නැතා කාටත් ඈ වාලි
ගොඩක් අය කැමති පිට ගම ඇල වේලි
පෙලක් ලිං වතුර බිව්වෙත් හොදට නිවා
බරක් උවත් ලිද කිසිදා නොදිනි ඔවා
පලක් නෑ සුබස, අදහම පුදති වවා
වරක් නොව දහවරක් ගිනි දළු දමපි නිවා
ඈත දුරක සිට ආවා නල වතුර
පාත උඩ ගෙවල් කිසි වෙනසක් නොකර
භීත කර සිතුම් බිල ආවත් නිතර
ආත බූත ගම "පිං ළිඳ" යයි වැහර
දිය රෙදි ඉහිල් කර අඟනෝ පිට ඉලුව
පය උල උලා විලුබේ හැඩ රුව බැලුව
කිය කිය පරණ මතකේ අඩුවක් නැතුව
කය මිස හිත අහිමි ගස් ගල් අද තනිව
කලක් ගොසින් ළිඳ සිත්තුල මිය ඇදුනා
දනක් උසට හබරල වල් පැල වැඩුනා
පලක් නෑ වලක් කසු කුසු කන වැටුනා
ළිඳක් නොව කඳුළු විලකැයි මට සිතුනා