චමරි වික්‍රමසිංහ පිලියන්දල

2024 පෙබරවාරි කලාපය

තීර්ථ යාත්‍රිකයා.....

රම්‍ය සුරම්‍ය සුභ
අහෝ කුමකටද
රතිකෙලියෙහි යෙදෙමි
රැයක දහවලක වෙනසක් නැති
කසී සළු දසත විසිරී ඇති
මන බන්දනීය රුවැත්තී .

විදිමි විදිමි අපමණ වෙහෙසයි මට
කයෙහි ඇති රුදාව
හිස ඔසවා,ගත නොහී වැතිරෙමි
අනන්තය සොයා ගිය ගමනකි .
කොහිද ඒ අවසන.

ගත,දොවා,ගමි
එහිත් ඇති සුරඟනන් අපමණ
ගැහැනුන්මය උන්
අපුලය අපුලය.

ඇවිද ආමි
වීදියෙහි තානායම් බෝ වෙති .
සෑම තැන්හිම හිඳ පානය කලෙමි මදු
සෑම විතකම එකම රසයකි.
අපත්‍යය රුචි නොවේමැයි
ඉවතලූ අහරෙහිද පානයෙහිද
අපුල ඕ දුර්ගන්ධය .

චන්න ඉවත යා යුතුය අප
අලුම රසයන් ඇති තැනක් වේනම්
සොයා යමි.
යශෝධරා කමා වුව මැනවි
කිසා,මා වෙනුවෙන් ගී ගැයුවාය
ඈ ලඟද මා සිත නැවතුනෙමි.
එහෙත් දැන් ඇතිය.

රමණයන් තුලද මරණයද ඇති
මදු තුලද වෙනත් ලෝකයන් ඇති
අපුලවූත් දුර්ගන්ධය වූත් පූපයෝය
ඇසෙහි මායාවකි
කුණුපයෝ රුවසේ දකිති .
මියුරු වාදන අහෝ !ඝෝෂාකාරී .

චන්න මා යමි අලුත් රසක් සොයා
ඔව් සැබෑවකි මා රහසින් පැනයමි
නේරංජනාව එහි කෙලවරයි
රාත්‍රිය නවා තැන් පලයි.
පලා යමි.

යශෝ ,රාහුල,කන්ථක
සමාවුව මැනවි
මා ඔබලාට ප්‍රේම කලෙමි.
එයත් සැබෑවක්ද මා නොදනිමි.
View Poem