ලක්විජය සාගර පලන්සූරිය

2024 ජනවාරි කලාපය

පැතුවද කිරි ඉතිරෙන වසරක් හිමිය බදු පිරි විසි හතරක්..

දුරුත්තේ සීතල නොදැනේ
දුක් ගිනි හැම සිත් දැනුනේ..

කිරි මිල අහස් උස
දරුට නැත පොත පත
පෝෂණය අවමය
දරුවන් හැම කෙසගය..

බෝ..ළූණු මිල ඉහලයි
එළවළු බතක් නොපිසෙයි
මස් මාළු රස නොදනියි
මෙහෙව් වසරක් දැන් ඇරඹෙයි..

ඇති නැති හැම කෙනෙක්
එක ලෙස නිරුතු නයවී
රටම ලොවට දුප්පත්වී
එමග යන වැසි දොම්නස්වී..

ආදායම් මං ඇහිරිනි
ජීවිත සටන ඇරඹිණි
සොර බිය දෙගුණ විය
නව වසර එලබිනි..

මෙලෙස කෙලවුනු මුතු ඇටයට
හතලිස් අට වසරෙ එයි හොඳ කල
පාලකයින් වෙතින් වහසිය බස
හුදී ජන හැම වෙයි සුසුමක..

දුරුත්තේ සීතල නොදැනේ
දුක් ගිනි හැම සිත් දැනුනේ..

පැතුවද කිරි ඉතිරෙන වසරක්
හිමිය බදු පිරි විසි හතරක්......
View Poem