අස්වැන්නේ පල නෙලමි....නුඹේ දෑසිනුත් ඉගැන්වූ
මහ පොලව අවුස්සලා
සැගවුනු මලුත් ඇවිස්සූ....
කර්කශක අව් රැලි අස්සෙත්
සිසිලසක්ම පෙන්වූ....
වසා ගිමන් හරින දෑස් අග
සිනාවක් ඉපැද්දූ..
කවිය නුඹයි....නොදත් ප්‍රේමයත්
ලොවට ඉගැන්වූ.....
ගලා යන බව නදිය සේ
ජීවිතේ බන පද අතර ඉගැන්වූ...
වැසි ගිය වැලි තලා අතරේ
මතක මං පෙත යලි ඉපැද්දූ...
දකින හීනෙට මෙපිටින්
පෙනෙන හීනයේ අරුත පෙන්වූ...
සිතුවිල්ල නුඹයි....මලානික හදවත්
අකුරින් මව් කුසේ රැන්දූ....
අසන දකින....විදින විදවන
ප්‍රේමය ද විරහව එක්කර....
සිතන පතන...ලගද ඈතද
එකම හුස්මකින් යලි එක්කර
කලා කෙත නුඹයි....නොකියූ මලපොතේ
අකුරටද පන ඉපැද්දූ.......
සැගවුනු මලුත් ඇවිස්සූ....
කර්කශක අව් රැලි අස්සෙත්
සිසිලසක්ම පෙන්වූ....
වසා ගිමන් හරින දෑස් අග
සිනාවක් ඉපැද්දූ..
කවිය නුඹයි....නොදත් ප්‍රේමයත්
ලොවට ඉගැන්වූ.....
ගලා යන බව නදිය සේ
ජීවිතේ බන පද අතර ඉගැන්වූ...
වැසි ගිය වැලි තලා අතරේ
මතක මං පෙත යලි ඉපැද්දූ...
දකින හීනෙට මෙපිටින්
පෙනෙන හීනයේ අරුත පෙන්වූ...
සිතුවිල්ල නුඹයි....මලානික හදවත්
අකුරින් මව් කුසේ රැන්දූ....
අසන දකින....විදින විදවන
ප්‍රේමය ද විරහව එක්කර....
සිතන පතන...ලගද ඈතද
එකම හුස්මකින් යලි එක්කර
කලා කෙත නුඹයි....නොකියූ මලපොතේ
අකුරටද පන ඉපැද්දූ.......