සාදු සාදු
බුදු තෙමඟුල ළඟ එන විට කෙනෙකුගෙ අත වෙන්න සාර
සැරසිලි කොළ අටපට්ටම් පිරිකර කඩ දෙපස පාර
තාත්තලා ලාබම එක තෝරති බඩු පීර පීර
දරුවන්ගේ වෙසක් සතුට වෙනුවෙන් හිත පාර පාර
මේසය උඩ බුදු පිළිමේ රැස් වලල්ල වට කැරකෙයි
පාට පාට නිවෙන දිලෙන විදුළි බුබුලු වැල් හිනැහෙයි
සවු කොළයක් ඉල්ල ඉල්ල පොඩි කොලුවෙක් බිම පෙරලෙයි
රෑ බත ළඟ පෙරළි කරන අම්මෙකුගේ ඇහැ රතු වෙයි
වෙසක් තොරණ හරි ලස්සන ජාතකයේ නම ඉහලින්
කවි බණකට ආසනයක් පොඩි බුදු පළිමය අහලින්
සිදුර පළල පිං පෙට්ටිය තියලා ඊටද පහලින්
සාමනේර කවි බන පුද ලෙස පිරිකර දෙති මුදලින්
පුංචි ළමයි බොදු බැති ගී සමිඳුගෙ ගුණ නිවන පෑදු
දානයෙ ඇති ආනිසංස පහාදා දෙයි බණට සාදු
හාත්පසම සැදැහැවත්තු දොහොත් නගා කියති සාදු
බණ්දේසියෙ අට පිරිකර ලොකු පොඩි කොළ තරඟෙ සූදු....