ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

සුනීතා පෙරේරා - ලන්ඩනය
2023-June

සදා නියඟයකින් පෙඵන කතරකට
හිරිපොද වැස්සක් වැටෙන ලකුණු පෙනෙනකොට….
ඒ කතරට ඇතිවෙන හැඟිම…….

ඒ හිරිපොද, කතරට වැටෙනකොට.
එක එක පොද
ආශාවෙන්, ආදරෙන් උරාගන්න
කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

ඒ පොදවලින් දාහය නිවාගෙන ,
කතර ගස් වැල්
දඵ මල් දාල හැඩ වෙන හැටි බලන්න
ඒ ලස්සනින් සදහටම කතර සරසගන්න
කතර සිහින මවනවා….

ඒත්…..කතර ඒ සිහින මවන
සිහිල් පොද වැස්ස
කවදාකවත් කතරට නොවැටෙන වගත්
එයද , කතර දකින තවත්මිරිඟුවක් විය හැකි බවත්
කතර තේරැමි ගන්නවා නමි…