ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගොයම් කොළේට මුවාවෙන්න මිනිහෙකුට බැරිලු – (කොල්වින් ආර්. ද සිල්වා)

ගොයම් කොළේට මුවාවෙන්න මිනිහෙකුට බැරිලු – (කොල්වින් ආර්. ද සිල්වා)

විමල් ඇම්. ගමගේ
2023-June

ඉදිරි පේළියෙ තැනක් හිමි නෑ
කිසිම දවසක පංතියේ
පස්සෙ පේළිය අපට සින්නයි
මොකද මන්දා එහෙම වූයේ

ගණිතෙ චක්කරෙ ආවර්තිතා වගු
රැඳෙන්නෙම නෑ මතකයේ
මැටි වැඩයි ලී වැඩයි ඇති විට
අපියි දක්ෂයො පංතියේ

දිසාපාමොක් නුදුටු අපිමයි
බණ මඩුව, උස් අසුන හැදුවේ
ඉදිරි පේළියෙ බණ ඇසූ අය
නැහැනෙ කිසිවිට අපව දුටුවේ

කුඹුරු යායන් පුරන් වූවත්
ගමේ පන්සල් ගරා වැටුණත්
ඉදිරි පේළිය අත් හරින්නට
සිතන්නටවත් එපා පුතුනේ