ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“ඝෝෂාව”

“ඝෝෂාව”

ලුම්බිණි විතාන - ලන්ඩනය
2023-June

හැම දෙයකින්ම ඈත් වෙලා…..

ටිකක් තනිවෙලා බලන්න.

නිහඩ බව තුල තරම් ඝෝෂාවක් තවත් නැහැ…..

පුද්ගල බැදීම්, ආ ගිය තැන්, ජිවිතයට කිට්ටු දේවල් වලින් මිදෙන්න මිදෙන්න ඒ ඝෝෂාව අපිට හුරු වෙනවා, අපි

එයට ආස කරනවා……

ජිවීතයට කවදාවත් ලගා විය නොහැකියයි සිතු…..

මහා දුරකින් තිබුනු ………..

නිස්කලංක බව ඒ ඝෝෂාව තුලින් අත්විදිනවා.

ටිකක් නැවතිලා අත්විදින්න ………

ඒ අපුරු ඝෝෂාව තුල තියෙන නිස්කලංක බව!

මැයි 2023