ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පිය රජෙකුගේ පශ්චාත්තාපය

පිය රජෙකුගේ පශ්චාත්තාපය

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)
2023-May

මුදා නොමහැර තියාගත්තම
ඉතිරෙනා ආදරේ කෙඳිරුම
පුතේ නුඹ අදුනන්නෙ කොහොමද
මේ පවුර යට තියෙන තෙරපුම..?

සිනිඳු මල් මත පිණි සිසිල සුව
දනිමි හඳුනමි.. පුදනු රිසි වෙමි
පසුව දෙන්නට කල් තබාගෙන
නෙතින් මල සිඹ සිතින් ලතැවෙමි..

තනිව වැළපෙන රෑ විරාමෙක
සෙනේහෙන් පෙඟි දෙනෙත සඟවමි
උසුලවනු බැරි සෙනෙහෙ ජල කඳ
පුපුරවන දින සොයා ලතැවෙමි..