චමෝද් තිමිර

2023 අප්‍රේල් කලාපය

ඇයත් මවකි

මවක් දුටුවෙමි පෝළිමක මැඳ
වැහැරගිය ඇගෙ වත විඩාබර
එක අතක සිය "ක්ලිනික් පොත" ගෙන
අනෙක් අත්ලෙන් වාරු ගෙන ඇත

කවුලු විවරෙන් පෙනෙන ඔසුසල් කාමරය මැද
තවත් මවකද...
දරුගැබක් සිය කුසෙහි දරමින්
වෙහෙස නොබලා යුහුසුළු වැඩ

වහන් වන තෙක් හිරු වලාකුලකට
කෑගසා හඩයි ඉඳිමුන දෙපා කවුළු අභියස
නමුදු සමුදී නෙත රිදවන උණු කදුළු වෙත
වීය සෙනෙහස් ගඟක් රෝගීනට සිසිල දෙන

ඇසිල්ලෙන් ඔසුවේදනිය කාමර දොරෙන් දිව ගියා වූ සද
පොළිමෙන් දොස් මුර නැගෙයි දැන් සිදුවනා වූ කල් පමාවට
ඈත ඇසෙනා "ඔක්කාර හඬ"
යටව ඇත මේ දෝස් මුරයට
විවේකය නැත , නැවත ඇවිදින් ඇය පිරික්සයි "ක්ලිනික් පොත්" ගොඩ...

ස්ථානය - ඔසුසල,බාහිර රෝගී අංශය,දකුණු කොළඹ ශික්ෂණ රෝහල
View Poem