ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඈතට යමි……

ඈතට යමි……

සශිකා නිරෝෂි මහලියනගේ
2023-April

නිල් අහසේ පාවෙනා කිරි සුදු වලා කැටියේ
හිතයි මට දැවෙටෙන්න නුඹ ළඟම
රුදුරු වෙස්ගත් දනන් හිඳිනා
මහ පොළොව දුරයි මට
එතකොට………..

කෙසඟ මා වතට අන්දවා
නෙක විසිතුරු සළු පිළි
අරුමෝසම්
බරයි මා ගතට මෙන් සිතට
සුදෝ සුදු වලා රොදේ
ගනු මැනේ මා ඔබේ
ඔය සුමුදු තුරුලට…….

වලා අතරේ සැඟවෙමින්
ඉහළටම ඇදෙනා මා දැක
දරු කැල පහළ සතුටින්
අත්පොලසන් දෙන කල
දෑස කඳුලෙන් පිරෙයි නොදැනීම
නූල කැඩී වූවොත් විපත
හිමි මට යළි මහ පොළොවම ……..