ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යුක්රේන සෙබලෙකු ගෙ බිරිඳක්ව

යුක්රේන සෙබලෙකු ගෙ බිරිඳක්ව

ලක්මිණි සෙනෙවිරත්න
2023-April

බැදුණු මේ තුන් හිතම ආලයෙන් නුඹ නමට,
වෙලාගෙන භීතියක් දරාගනු කොහොමවෙද
දස අතින් නැගී එන ගිනි ජාලා අතරමැද
තවම මම බලා ඉමි නුඹ නැවත දකින්නට

සඟවගන්නට හැදූ නෙතඟ රැදි උණු කදුළ
රෑරා විත් දෙකොපුලෙන් වැටුනෙ ඔය පපු තුරට
යා යුතුම නිසාවෙන් යන්න හැරි මුත් තවම
හදට මගෙ මහ බරක් නුඹේ ඒ නික්මීම….

බිය නොවන් යැයි කියා සිප මගේ නළල්තල
ගොසින් දැන් හත් මසක් තොරතුරක් කිසිනොමැත
ඇස් දෙකම රිදෙනවා බලා හිද පෙරමඟම
ඉතින් සඳ මා නිබද එන්නේ නුඹ කවදාද

හිතක් තව හිතක් තම ලඟ නොමැති බවක් දැන
කළුවරම මහ රැයත් ඇහැරගෙන නිදි නොවැද
මෙවන් මහ යුද්ධයක් ඕනෙමද මේ ලොවට
උඩ ඉන්න දෙවියනේ රකිනු මගෙ හිමි සඳුව….

2023.03.01