ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉර හඳ තරු

ඉර හඳ තරු

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2023-April

ඉරයි සඳයි පායන විට එක අහසේ එක විලසට

ඉරටත් හිමි සඳටත් හිමි මල පිපෙන්නේ කොයි විටකද

සවස පුරා සිසිල මවන ලා සඳ හා පෑහෙන්නද

ලහිරු කිරණ සිසිල සොයා උදා ඉරෙන් සැනසෙන්නද

ඉරයි හඳයි අතර දිලෙන තරු රෑනේ මට කියන්න

ඉර හොඳයි ද හඳ හොඳයි ද හිමිහිට ලියලා එවන්න

අහසට නෙත් යොම උන්නේ පණිවිඩයකතතු සොයන්න

කඩා වැටුණු තරුවක්‌ ඒ ගැන කිව්වා මට ඇහෙන්න

ඉරට හඳට අතර මැදිව පාර ඇහුවෙ තරුවකින්

ඉර රස්නෙට මල දැවෙයිලූ නොබැදෙන්නලු ආදරෙන්

හඳ හිටියට අමාවකට ඉන්න වෙයිලූ පාලුවෙන්

තරුව කියයි මම ඉන්නම් ඉර හඳ වගෙ යාලුවෙන්

මලට තරු පෙනුනි

AnA