ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රාගයයි ප්‍රේමයයි අතරේ වෙනස කප්පරකට සමයි….

රාගයයි ප්‍රේමයයි අතරේ වෙනස කප්පරකට සමයි….

සුදර්මා වීරක්කොඩි
2023-April

ඔබ මගේ සිරුරේ දැරූ
සියලු ලප කැලළක් දනී..
ඔබ මගේ හදවත සැරිසැරූ
කිසිම රිදුමක් නොමදනී…

සයනයේ සලෙලියක වන්නට
මගේ හිත නැත නතර වී
ඔබේ අතැගිලි බැදුන හන්දා
සිරුර බදු දෙමි ඉවසමී

හිතේ දැවටුන හිනා රැල්ලක
සුවද හදතුල ගල්වමී
දකින දා ඒ සියුම් සෙනෙහස
යළි හිතින් අල්ලා ගමී…

දුරින් හිද සත් ගවු මූදු තෙර
සබැදි පවුරක සිරවෙමී
සසර ගග තව දුර නොමැත මට
ප්‍රේමයට තව කල් ගමී