වජිර ජයවර්ධන

2023 අප්‍රේල් කලාපය

රෙදි අඳින්නේ මොටද මන්දෝ

පිටරටවලින් ලබනා ආධාර පිළිගැනීමට වරායට ඇමතිවරු යති. ලැබුන පාසැල් ආධාර බෙදන්නට ඇමතිලාට ඇරයුම්...
( සිනා ගෙනෙනා පුවත්)

දුගියන්ට ලැබෙනව ආධාර
ඒ ලැබෙන්නේ අනුකම්පාවට
හිඟන තැනකට වැටුනම
රට කටකත් ලැබෙනවා
ණය මෙන්ම ආධාර

ණය වෙන එකත් මාරයි
දැං අපිට සාරයි
අනා ගත හැම හමාරයි
සීයලා කෑ දේ වමාරයි

ලස්සනම ලැජ්ජාව
රට ආධාර පිළිගන්නට යෑම
ෆොටෝ ගහමින් සිනා සීම
ඒවා බෙදන්නට ගමින් ගම යෑම

මුං වගේ හිඟන්නෝ
ඉන්නා රටක මොකට ඉන්දෝ
රජ සල්ලි ගෙන බුඳින්නෝ
රෙදි අඳින්නේ මොටද මන්දෝ
View Poem