ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රත්තරං දෙමව්පියො

රත්තරං දෙමව්පියො

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2023-April

හතර වරිගෙම බඩ පිරෙන්නට
පීස මඩුවෙන් රොටිය කාලා
පුතයි ලේලියි ගෙදර එන කොට
අම්ම ⁣ඉන්නව උළුවස්ස ලඟ
කුස පොත්ත කොඳු ඇටේ ඇලිලා

“නිදි නැතුව ඇයි? මඟ බලා ගෙන”

“දවල් උයපුව නේ තියෙන්නේ
රත් කරෝතින් හීල් වෙයි නේ
ඒක හිනිදයි උඹල එනකන්
බලා ගෙන උන්නෙ”

“හරිම මහන්සයි අදනං
අපිට මුකුත් එපා රෑට
අම්මා රත්කරන් කන්න
මොන එහෙකට අපි එනකන්
මහ රෑ වෙනකන් හිටිය ද?”

පුතයි ලේලියි ගෙට ගියා
වාහනේ මිදුලේ තියා
“රත්තරං දෙමව්පියො”
පස්සෙ තිබුණා ලියා

21. 03. 2023