ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දහමින් යහමින් ගැරීම

දහමින් යහමින් ගැරීම

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2023-April

ගං තලාවෙක පතුල හාරා
ගොඩට ගෙන වාලුක තලී

මහා සෑයක් සදනු උදෙසා
‘බැතිමතුන්’ අත යයි ගැලී

නිවන මුදලට ගන්න හැකිනම්
දෝත පුරවා ගෙන වැලී

එතර වන්නට සසර සයුරින්
අන්ධයන් වේවිද මැලී