ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවුරුදු වේදනාව

අවුරුදු වේදනාව

ලයනල් ගමගේ ඌරුමුත්ත
2023-April

ගලවලා උඩු වියන්
බඳිනවා මුව වියන්
කිරි හිනා ඉතිරේ ද ?
මීටරේ දුර තියන්

සිප්පි කටු වත්තෙ කෙළි
මහ උන්දැ සෙයිලමේ
අරං එන රුපියලට
මොකද ? වුනෙ මේ සැරේ

අලුත් කොහු ඉදල් නෑ
මකුණුදැල් ගේ වටේ
නැවුම් මැටි වලං නෑ
කබල් බඩු කුස්සියේ

නෑඹිලිය කට ඇරං
හාල් ඇට වැටෙනකං
කාත් කවුරුවත් නෑ
කුමට ? අවුරුද්ද දැන්