ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙනවිය

මෙනවිය

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
2023-April

වාසගම කෙළවරට සඳහටම ඇමිණුන
ලිපි සිරස් කවර මත යස රඟට වැජඹුන
පෝරුවක සුබ සිහින තිඹිරි ගෙයි වැළලුන
ඇමතුමකි “මෙනවියනි” පපු කැවුතු හාරන

දුර වුනත් හිරු අහසෙ පෙති විදා දඟලන
මල් නැතිද නටු මතම වියළිලා පර වුන
පැටලිච්ච දෙතොලකට රෙදි පවා ගිළිහුන
“මෙනවියකි” කඳුළු හිමි එක රැයක බැබළුන

මඛාදේවට වඩා නර කෙසින් ගැවසුන
පෝලිමෙහි ඉඳ ගනිමි සායනයෙ කෙළවර
මා ලඟම හිඳ ඇගේ උරහිසට බර වුන
ඉවසන්න බැරිම ඔබ “මිස්” කියා ඇමතුම