ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“තාත්තාගේ ඇස්වල කඳුළු – නැවක් වුනත් පදින්න”

“තාත්තාගේ ඇස්වල කඳුළු – නැවක් වුනත් පදින්න”

විමල් ඇම්. ගමගේ
2023-April

හංස බෝට්ටුවේ එක රවුමක් යන්න
ආසයි තාත්තේ අපි යනවද කියන්න
මල්ලිට බොන්න කිරිපිටි අරගෙන යන්න
තියෙනවා පුතේ අද බෑ ඔරු පදින්න

තාත්තෙකුට හැකිලු මහමෙර උසුලන්න
රුපියල් සීයේ බර දැණුනද රිදෙන්න
බිමට වැටුණෙ නැති කඳුළක් ඇසේ අග
තිබුණා මතකයට ආවා ඒ දවස

තවමත් යන්න බැරි වූවත් ඒ රවුම
මගෙ ඇස රිද්දුවේ ඒ කාරණය නොව
මම වගෙ ළමයි හිතුවොත් ඔරු පදින්න
ඇස් වල කඳුළු ඇති වේවිද අඬන්න