ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙහෙමයි යාලු දම් දීපයෙ කෙරිල්ලේ

මෙහෙමයි යාලු දම් දීපයෙ කෙරිල්ලේ

ශ්‍රීමතී සමරකෝන් - රාජගිරිය
2023-April

සාලයො ඉස්සො තලපත් ඇත ලෑල්ලේ
පිළිගඳ සල්ලි පෙට්ටිය ලී සැකිල්ලේ
අසරණ දෙවි බුදුන් බිත්තියේ එල්ලේ
මෙහෙමයි යාලු දම් දීපයෙ කෙරිල්ලේ

04.12.2003