ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරය කියන්නේ …..

ආදරය කියන්නේ …..

කමනිකා මොහොට්ටිගේ
2023-April

ආදරය කියන්නේ
පොකුරු වැස්සට
වැටෙන්නට
ඉඩ දීමය…

ටැංකියක සිර නොකිරීමය ..
වතුර බොර නොකිරීමය …
ගලා යන්නට නොදී,
වැවක් නොබැඳීමය …

ආදරය කියන්නේ
ගඟක් වන්නට දීමය …
ගල් පර වල හැපී
පෙණ කඳුළු නගන විට,
අහස වී තනි රැකීමය ….

වියළි බිම් තෙත් කිරීමය …
ගහ කොළට දරු සෙනෙහෙ දීමය ..
සතුටු කඳුළක් දෙකක් එක් කර
ගමනට සෙත් පැතීමය …

ආදරය කියන්නේ
පොකුරු වැස්සට
වැටෙන්නට
ඉඩ දීමය…
.