ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවියක් කල හදියක්

කවියක් කල හදියක්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
2023-April

සවනත වැකුන දෑ පද වැල් වලට ගොතා
ඉමිහිරි තනුවකුත් සමගින් ලෙසට කතා
ගොනුකොට තබා ඉන් රසයක් විඳිනු පතා
පන්හිඳ උනා දොඩමළුව පත් ඉරුව පුරා

හතලිස් වසරකට පෙර අඳුරුම දිනකි
ඒ ගැන ලියන්නට මතකය මදි සෙයකි
එනමුත් ඉල්ලීම පසෙකට දා නොහැකි
කවි පද කලේ දරුවකු කන වැකි දෙයකි

සිංහල දෙමල මුස්ලිම් බිර්ගිර් ද කියා
නැහැ වෙනසක් අපි එක පාසලට ගියා
ඒ බැඳී සෙනෙහෙ අදටත් මතකයේම තියා
පන්හිඳ ගොළුයි කවි පත මත බොඳව ගියා

ඇසෙන සියලු දේ සත්‍යක් විය යුතුද?
කවියට නැගෙන සියලුම දේ සත්‍යමද ?
කවි පද වල ලියූ දේ සැක කල යුතුද?
‘කවියෙන් ඈත්වනු’ කීවේ මට කිමද?