ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුස හා දුක

කුස හා දුක

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
2023-March

පහසේ දෙහදක් දකිනා
සුවසේ මිහිරක් ගෙනෙනා
රහසේ සතුටක් ලබනා
දහසේ පැතුමක් ඇඳුනා

දඹරන් සපුවෙන් දිළෙනා
රුවකින් මිණිමෙන් පෙනනා
දුටුවන් වසඟෙන් බැඳෙනා
සිහිනෙන් කොණකින් දකිනා

බැබලී රුවකින් උයනේ
පැටලී සැබැවින් මිදුනේ
වැටලී කුමකින් ලඳුනේ
බිඳලී සිතුමන් බැඳුනේ

සැඟවී පියුමන් පොකුණේ
රැකවී සොයමින් රැඳුණේ
මැනවී දකිමින් ලැබුණේ
පිනවී රුවවන් පොරණේ