ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සම්ප්‍රදායේ පීලි මත…………

සම්ප්‍රදායේ පීලි මත…………

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය
2023-March

උපතින් නැග
විපතින් බසින
සම්ප්‍රදායේ පීලි මත
දුම්රිය ගමනකි
ජීවිතය

ගොඩවූ තවකෙකු
සමග හෝ තනිවම
අලසව පෙරට යත
පසුපසට යා නොහැක
කිසිවිටක

පන්තියෙන් පන්තියට
වෑයමෙන් මාරුවුව
අවසාන නැවතුමට
දුර වෙනස් කල නොහැක
කිසිවකුට

ගුනක් නුගුනක් නොමැති
හිතක් පපුවක් නොලද
සොබාදම ඇන්ජිමකි
සවන් නැති යාතිකා
අසන්නට

සිහියෙන් බීමතින්
ගත වසා දුහුලින්
වැරහැල්ලෙන් පෙමින්
ද්වේශයෙන් ගියේ යැයි
පලක් වෙද

තෙරපෙන්නන් ට ඉඩද
විඩාපත්වූවන්ට අසුනද
දී මැදහත් සිතින්
‍ඇදෙනු මිස අන් කවර
සුවක් වෙද