ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගෙරවිල්ල

ගෙරවිල්ල

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2023-March

දිවා කල හෙම්බත්ව
යහනය මතට ඇද වැටෙන
ඔබගෙ ගෙරවිලි හඩ
මා දෙසවන ඉරි තැලූ හැටි…..
මා සිත තැවූ හැටි….
අදත් ඇත මතකයේ….

ඒත් අද..
ඉමහත්ය අස්වැසිල්ල….
ඒ හඩ…
ඔබගෙ හද තවමත්…
ගැහෙන බව මට කියයි..
මා තනිව නැති බව
කියයි මට ඔබේ හද……