ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Motivational Therapy

Motivational Therapy

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-February

මගේ පොඩි baby දැන් තාත්තා කෙනෙක්
පොඩි baby ගෙ වයසෙම පුතෙකුත්
හිටියාට නැහැනේ කවුරුත්
ඔහුව බලා ගන්නවත්,……
වැඩක් නැහැනේ,……
ආච්චි සියා දන්නෙ නැහැනේ
හතරැස් පැතලි පෙට්ටියට
ඇඟිල්ලෙන් අනින්ට
මහ වදයක් උන්දැලාට
ඉතින් පොඩි baby හරි ගෝරි,……
නෝනයි මහත්තයි දෙන්නාම
උදෙන්ම වැඩට ගියාම,……
හැන්දෑවේ ගෙදරට එන්නේ
Day care ,Play centers ,montisoori හැම තැනම ගම පුරාම
ප්‍රශ්නයට පිළිතුරු එතනම
ඒත්,……….
තවත් ප්‍රශ්නයක්,……?
කාටද……?
පන්සලේ ලොකු හාමුදුරුවන්ට
වැඩිහිටියන්ගේ ඉල්ලීමට
උදේ වරැවෙ Day Care එකක් අරින්නට
මාසික රැස්වීමේදී ඉල්ලීමට
කාටද,……?
වැඩිහිටියන්ට
හරි හොඳයිනේ
සාද,..සාදු, …..
ඇයි හාමුදුරුවනේ කවුද අපේ
වතු පිටි ගේ දොර බලාගන්නේ
හරි වැඩක්නෙ වෙන්ට යන්නේ,…..
සන්සුන් වෙන්න සැවොම
වියපත් දෙමාපියන් සැම
පොඩි දරුවන් වගේම
රැක බලා ගැනීම
වැඩිහිටි අපෙ කාගෙත් යුතුකම
සාදුකාර හඩක් නොඇසුණාම නෙමේ

28/1/2023