ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

~දෘෂ්ටි මායා~

~දෘෂ්ටි මායා~

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2023-February

අවදිවීමෙන් පසු
සිහිය එළඹෙන්නට පෙර ඇති
සුළු මොහොත තුළ,
මට අහිමි වූ දේ අමතක
නිමේෂය තුළ,
මට ජීවත් වන්නට ඉඩ දෙන්න

දුනුවායන් රැසකගේ ඉලක්කය
මා බව දැනී
රිදුම් එළඹෙන්න පෙර

කිණිසි දමා ගසන්නන්
සිය ක්‍රීඩා පුහුණුවට
මා තෝරාගෙන යැයි
දැනෙන්නට පෙර

කුණාටුවකට හසුව
දිය යට
මා හුස්ම සිරවෙමින්යැයි
දැනෙන්නට පෙර

නින්දත් නොනින්දත්
අතර ඒ ඉඩ තුළ
ජීවත් වන්නට ඉඩදෙන්න

අප තවමත් අපගේම බව
මටම කියාගන්නට ඉඩදෙන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Hallucinate’ by Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ ‘All of the Oranges’ කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.

Poet’s photo- www.theleader.lk
Original poem- www.orangegerberas.blogspot.com
Photo- www.unsplash.com