ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උදුරාගත් හාදුව

උදුරාගත් හාදුව

කපිල කුමාර කාලිංග
2023-February

කුරිරු CCTV නෙත් අතරින්
සොරා ගතිමි හාදුවක්
විඳින්නටත් පෙර එය හරි හැටි
සිහිවුණි
ජීවිතය මගෙන් උදුරා ගත්
පෙර හාදු කිහිපයක්

අතිරික්ත හාදුවක්
ඇවැසිමය කවියෙකුට
බැලීමි යළිත්
ඇය දෙසත්,වටපිටත්

බියපත් ඈ
හිස ඉවතට ගනී
මුදු ඇඟිලි තුඩින්
දක්වයි
ඒ කුරිරු රහසි නෙත

“බිය නොවන්න ප්‍රේමිය
පෙන්වමු අපි රැකවලුනට
පෙම් කරන හැටි ”

සොරා ගතිමි
තවත් හාදුවක්
ඈ රත් කොපුලින්
හඬක් නැගෙයි
පසෙකින්
“මෙය පොදු ස්ථානයක්”
මම එරෙහි වීමී
උනට
මගේ හාදුව
පුද්ගලිකයි රහසිගතයි…

23/01/05