පැය 6ක් ගොලුවූ හදවතක්.
සුදු කබා කොල කබා ඇඳගෙන
රෝද ඇඳ උන් ගෙන ගියේ වට කොට
පලන්නට පපු කූඩුව නුඹගේ මටසුමට
පෙනුනේ උන්ව මට යමපල්ලන් විලස.
ශල්යගාරයේ දොරකඩ ලඟ තනිව
පලවෙනි හෝරාව වුනි කල්පයක් මට
මලහිරු කිරණ විදුරු තල හරහ එන
ගොලුවූ හදවතක් තව ගොලු කලා මිස.
රුදිරය ගලයි කපා නහර වැල් සැමතැන
නුඹ පණ සැඟවුනේ බියට කොහේදෝ දැන් හොරෙන්
ආපසු එන්න ගන්න හිමිතැන වේලාවට ඉතින්
වාවන්න හයිය නැහැ කඳුළුත් සිදී බොහෝ කල්.
රෝද ඇඳ උන් ගෙන ගියේ වට කොට
පලන්නට පපු කූඩුව නුඹගේ මටසුමට
පෙනුනේ උන්ව මට යමපල්ලන් විලස.
ශල්යගාරයේ දොරකඩ ලඟ තනිව
පලවෙනි හෝරාව වුනි කල්පයක් මට
මලහිරු කිරණ විදුරු තල හරහ එන
ගොලුවූ හදවතක් තව ගොලු කලා මිස.
රුදිරය ගලයි කපා නහර වැල් සැමතැන
නුඹ පණ සැඟවුනේ බියට කොහේදෝ දැන් හොරෙන්
ආපසු එන්න ගන්න හිමිතැන වේලාවට ඉතින්
වාවන්න හයිය නැහැ කඳුළුත් සිදී බොහෝ කල්.