අම්මා
හිත තැලෙන තැන සුසුම් පොදි ලග නුබෙ සෙනෙහෙ මට මැවෙනවා
නුබ තරම් ප්‍රේමයේ රැගුමට සූරයෙක් නෑ දන්නවා
දූවිල්ල දහඩියද දුම් මුසු කිරි සුවදෙ හිත වෙලෙනවා
දෝර ගලනා අරුත ප්‍රේමයෙ නුබේ නාමයෙ තියෙනවා
නුබේ බත් පත අපි දැක්කෙ නෑ සගවාපු බව දන්නවා
කදුලු ගුලි නෙත් අගම ගිලලා හිනා වුන හැටි මැවෙනවා
අම්මගේ සෙනෙහසට සම කල හැකි දෙයක් ලොව හොයනවා
හිත බිදෙන හිත රිදෙන තැන් වල පිරිමදින සුව දැනෙනවා
දෑත ලය බැද මටත් නොකියම ගිය දවස සිහි මැවෙනවා
නුබව ගෙන ගිය මග තවම මට හීන් ඉකියක් ඇහෙනවා
නුබව තනි කර මලවුන්ගෙ මැද ආවාට හිත බනිනවා
කුඩා කාලේ වගේ එල්ලී නොගිය හේතුව හොයනවා
දෙසැම්බරයේ එකොලහට නුබෙ උපන් දිනයත් වැටෙනවා.
සුභ පැතුම් පෙම් හාදු ගුලි කර ස්වර්ගෙට මම එවනවා
නුබේ සෙනෙහේ දැවටි දැවැටී ආයෙ ඉන්නට පතනවා
ස්වර්ගයේ දොර මට ඇරේවිද කවද වේවිද හිතනවා.