අනේ ජේසුනි එන්නෙපා !!!
සිඳුරු කර හම සීත පවණක් පාවියයි ගත දැවටිලා
අඳුරු පැහැගත් වලා මැද්දේ හිරුද මදකට සැඟවිලා
ඉතුරු වුණු මේ වසරෙ අවසන් මාසෙ උඳුවප් එළැඹිලා
කුමරු දෙවිපුත් උපන් නත්තල සිටී දොරළඟ හිනැහිලා
දිළිඳු ගවහල ලෙස මගේ රට ලොවේ අයිනක තනිවෙලා
බිළිඳු දරුවන් හඬයි තැන තැන නිසා කුසගිනි වැඩිවෙලා
එකදු තරුවක් පායලා නැත ගැලවුමක මග හඟවලා
නමුදු දූතයො නොමැත අඩුවක් ගීත ගයනා පසසලා
නිවුන එළි මව්වරුන් මුහුණේ කෙදිනදෝ යලි දල්වෙනා
රකින හැටියක් නැතිව දරුවන් නිතින පියවරු දුක්වෙනා
සිතන තරුණන් ඔබ සිතූලෙස අතුරුදන් කර හංගනා
පුදන පඬුරක් නැතත් රජවරු තිබෙන සෑමදේ උස්සනා
එදා එඬෙරුන් ලෙස තවම එති දුප්පතුන් සමිඳුන් සොයා
බෙදා ගැනුමක් නොසිත ඇති අය සිටිති සතුටින් ගී ගයා
සදා කල්හිම පාලකයො සැප විඳිති දන දුකෙහිම තියා
යූදා අධිකරණය වගේමයි නීතියත් බල්ලට ගියා
යවා කිරුසිය මතට යහපත මරා දමනුයි නදදෙනා
පවා අදදින හොරුන් නිදහස් කරන ලෙසටයි අයැදිනා
හොවා උස් තැන වැරදිකරුවන් මුදා ගනිමින් සුරකිනා
පවා නායක පූජකයො වෙති පතන දිව රථ ඉගිලෙනා
ඇතත් පැහැදිළි ලෙසට දකිනට නෙත් වලට නැත උවමනා
ගියත් තේරුම් සිතා ගන්නට මනස් නොමවෙයි යොමුවෙනා
වුණත් මාවත් ගැලවියන්නට නොමැත පා යුග එසවෙනා
ඇවිත් නැවතත් කියා දුන්නත් අසයිදෝ සැක ඇතිවෙනා
නොමැත සාමය රටේ සැම තැන අයුක්තිය ඇත එඩි පපා
කැලත අදමිටු රජ ඇමති බිහි කළා මෙහි සැම දුක් අපා
දොහොත වැඳ අයදිමී සමිඳේ සිඹින අතරේ ඔබෙ දෙපා
නැවත බිළිඳෙක් ලෙසට ජේසුනි මගෙ රටට වඩිනට එපා