ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මළ ගෙදරක හමු වූ යුවතිය

මළ ගෙදරක හමු වූ යුවතිය

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2022-December

ජීවිතය හරි පාලුයි
මහ රෑක මලගේක වාගෙයි
සුසුම්ලන මල්වඩම් මියැදෙයි
සීඩර් සුවඳ නොකියාම පැනයයි

රන් රස සේ බැදී හුන්පුටු පේලී ඈතයි
වෙන්වගිය ,යුවලක සේම රකුසුයි
උසාවි කැන්ටිමේ දෙකොනක අසුන්ගත් සේ ඈතයි
සෙවනැලි පවා ඇදයි බකලයි

කැරම් පිටියේ ඉත්තන්ට හරි වෙහෙසයි
උන් නිහඩව… ගල් ගැහුන ගානයි
සුදු කලු රතු සැමට එක නැකතයි
සිව් කොනේ දැල් නිවස්නත්, උතුරයි

හෙප්පුව කැරකොප්පුවක් වාගෙයි
බුලත් නැටි දුංකොල රැල් විතරයි
කිල්ලොටේ හුනු පොසිල ගල්වෙයි
දත් නැති ලොබු කටින් බලියයි

පඩික්කං කට වට පිකාසෝ බිතුසිතු, දියවෙයි
නෙස්කැපේ වැසි දියෙන් කට, සේදෙයි
කුදු ගැහුනු මහළු සඳ බැසයයි
තාරකා කනමැදිරි පැටලෙයි

මල ගෙදර පනැතිය ඇය පමනමයි
අතොරක් නෑ ඈ මට අත වනයි
මාරුතය සමග නොකියාම ඈ…
පැනයාද මසිත සැක සංකා එමටයි