පාට කරමු ජීවිතේ
පුරවනා ලය මඬල ධූම දූතිකාවන්
වපුරනා ණය බරකි ඉදිරියේ තුලාවන්
ඉතිරෙනා ආලයට නොකරමින් නිගාවන්
මිතුරනේ නවතපන් දුම් උරණ කලාවන්
රෝහලේ ලෙඩ ඇඳක දුකින් වැතිරුණු දාට
ජීවිතේ හැරෙන්නට වාරුවක් වෙද කාට
මීවිතේ හැරදමා හොයාපන් අද රෑට
මාවතේ මගහැරුණු ආදරේ නෙක පාට
AnA 2022