ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හේමමාලා කුමාරිටත් ත්‍රස්තවාදී චෝදනා

හේමමාලා කුමාරිටත් ත්‍රස්තවාදී චෝදනා

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2022-December

කුමරි ඔබ හේමමාලා
මුදා ගන්නට සමිඳු දළදා
හිසේ සඟවා තඹවන් වැල්ලට
සැපත් වුවා නොදැන කිසිවකු

හේමමාලා කුමරි ඔබහට
ගොනුව ඇත දැන් ත්‍රිවිධ චෝදනා

සිරි දළදා හිමියන්………
උදේනි නුවරින් රහසේ ගෙනෙමින් ලක්දිව වෙරළට
සියුමැලි ඔබෙ ගත – සැරසූ කෙස් රැලි – අතරේ සඟවා
ගුරුවරියක්සේ සාරිය හැට්ටය හැඩකර ගත දවටා
සැරසී නොපැමිණි බලවත් වරදට

සිපිරි ගෙයක අනූ දිනක්
ඔබ රඳවා තබනා බවටත්
සංස්කෘතික පොලිසියේ අධිපති හිමිගෙන්
voice cut එකක් යූ ටියුබයේ………

20Nov2022