ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුරඟන

සුරඟන

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2022-December

එදා මා දුටු සුරඟන
තාම ඒ පුදසුන මත
එදා දුර හිඳ බලා
සිහින මැව්වෙමි ඇගේ පා ළඟ
හිතා හිටියත් මම
සැබෑ වේ යැයි යම් දින
ගලා ගෙන ගිය ගඟ -ගෙන ගියා
ඈත සමුදුර කෙළවර ට

වුණා මේ හැම එ දා
කැමති විදිහට ඉරණමට
සදා කාලෙන් සදා කාලෙට
රළ බිඳේ සිත් වෙරල වැද
බලා සිතිජය සිතමි
සුරඟනයි නුඹ තාම මට
සැබෑ වී නම් සිහිනය
අද නොමැත නුඹ ඔය පුදසුන මත

18-01-22

පසු ගිය ජීවිතයේ සිහිනයක්
දෙස බලා යථා අවබෝධය ට පැමිණීම .
හෙවත් අත් කර නොගත් දෙය
සදා සොඳුරු බව