ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නත්තල් එන්න එපා …….

නත්තල් එන්න එපා …….

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
2022-December

සුදු පැහැති හිම නොමැති
පිනිමුවන් සරන්නැති
“ස්පෘස්”ගස් වැවෙන්නැති
සිරිලක ට නත්තල් එපා !
කුස පිටට ඇලීගෙන
කුසගින්නෙ අයදිනා
පොඩිඑවුන් හඬතලන
සිරිලක ට නත්තල් එපා !
දුගී දන මරාගෙන
බඩ තඩින් සොරාකන
සඳලුතල පුරෝගෙන
රසමසින් පිනායන
දුදනන් ට විඳින්නට
සිරිලකට නත්තලක් එන්නම එපා !

4/11/22