ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙළ කුණාටු………..

හෙළ කුණාටු………..

චමිලා නවගත්තේගම - ලන්ඩනය
2022-December

විසිකර තලන පොඩි සමනල් තටු රන්දා
සිරිසර මවන ලොවකට ගෙන යමු කැන්දා
හිමිකර සදන මතු පරපුරෙ ගුණ බන්දා
මිහිබර ⁣දරණ දුක මෙතරම් කිම මන්දා

මරු දිවි පතන හැම දෙන වැලපෙයි නිතර
විරු සවි රැගෙන නැගිටිමු අපි අතු පතර
හිරු දෙවි නැගෙන විට එළියට පැන නතර
හුරු කර ගමන යන්නට වෙයි බිම වැතිර

වඟුරන් කඳුළු කැට කුමටද දුක හිතිලා
මිතුරන් ලෙසින් ගිරි මත පේලිද හැදිලා
සතුරන් පරද බියඟුළු බව අත හැරලා
මිහිදන් නොකර හෙළබිම රැක ගමු සිතලා