ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නාථ දෙවිඳුනි ***************

නාථ දෙවිඳුනි ***************

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක - පුංචි බොරැල්ල
2022-December

මගෙ සම්බුදු හිමිට
පුදන ලද නව වරක් මේ රට
මුදා දෙන විලසට
යවමි සන්දෙස නාථ දෙවිඳුට

නිල්ල බැලු බැලු අත
යල මහට දෙයි සරු බැත
නැත යයි කිසිත් නැත
අහෝ පතුලට එද වැටී ඇත

බුදුහිමි දෙසූ ලෙස
අණන සැපතෙහි ඇති රස
විඳින ලද හෙළ රැස
අහෝ අද එහි කරවටක බැස

රටේ අභිමානය
තිබේ බින්දුවෙ මානය
බොඳව පැතු සීනය
නොමළ මුත් දැන් මියැදි ගානය

රජකරන වාරය
ලද අය උරා සාරය
හිමි කළේ පාරය
දෙවිඳුනේ මෙය ඔබට භාරය

පෝලිමේ ඇවිදින
ඇටසැකිලි වී මියයන
මේ රටෙහි වැසි දන
අහෝ කළ පව කිම්ද දෙවිඳුන

අසරණ වුණු රටට
පිහිටක් පතා වැඳ සිට
නාථ දෙවිඳුන් හට
එවමි සංදේශයක් කවිකොට