නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 නොවැම්බර් කලාපය

මහ ඖෂධය

ඉපදුනෙමි අත මිට මොළවාගෙන
තුන් කාලයම එහි ලියාගෙන
යමක් සඟවා සිටින සේ

වෙහෙස වී දිග හැරීමි අතැඟිලි
වටිනා යමක් ඇද්දැයි - සොයනු රිසියෙන්

නොවුනි කහවණුවක්
මැණික් රන් කරඬුවක්
දිව සඳුන් අරටුවක්
මහෞෂධ කුමරු මෙන්
ලොවම සුවපත් කරනා

වහ වහා සෙවූයෙමි
නොවූයේ එහි කිසිත්

දිනෙන් දින ගතවී සෙමෙන්
සිනිඳු හම හැකිළී ගොසින්
සුදු පැහැය දියවී කෙමෙන්
කහ පැහැ ගැන්වූ සිනාවන්
උජාරුවට ඇවිද්ද කය
වක ගැසී ඇත කුදු වෙමින්

ඇඳ මත දිගා වී විමසුවෙමි.
ඒ කවුද?
සැබෑ ලෙසම ඒ මා ද?
වැර යොදා දිග හැරිමි
වක ගැහුණු අතැඟිලි

උපන් සත් වග හට - නියත මරණය බව
සකස් වූ සැම දෙය - නිති වෙනස් වන බව
View Poem