ලක්ෂ්මි දමයන්ති

2022 නොවැම්බර් කලාපය

නුඹ නැති දා මට පාලුයි

මන්දාරම් අඳුරෙ හිත වැහි වළාවෙක
තනි හිත රිදෙයි තුන් යම හුදකලාවෙක
හිමි කොහෙ ගිහින්දැයි සමහර වෙලාවෙක
මගෙ හිත මටම අවනත නැහැ මුලාවෙක

ලෙඩ වී ඇඳේ හිටියත් හයියක් තිබුණේ
සුසුමක් පමණවත් නුඹ ළඟ නැහැ හෙලුවේ
තනිකම නොදැනෙන්න ලඟටම වී හිටියේ
හැඬුණේ දැන නුඹට තව බෝ කල් තිබුණේ

කීවේ නැතිද මට නුඹ නැතිවම බැරිය
හීනෙන් ඇවිත් මා සනසන්නට බැරිය
තනි වූ ළඳක් ළඟ දැවටෙන කිචි බිචිය
දවසින් දවස අසරණ කරනා හැටිය

මං ගැන නොහිතුවත් වෙනසක් නෑ මගෙ නම්
අපෙ පුතු ගැන විතරවත් නුඹ සිතුවා නම්
පොඩි යුතුකමක් වත් හිත යට තිබුණා නම්
අද අපි හෙලන්නේ නැහැ කඳුලැලි මෙතරම්

ආචාර්ය ලක්ෂ්මි දමයන්ති
බින්හැම්ටන් විශ්ව විද්‍යයාලය
View Poem