හුලං වලට ගෙවන ගණං ...!
කව්ද හිතුවෙ "හුලං" වලට
ගෙවන්නටත් වෙයි කියලා...
මව්ද පල්ල මේ කියන්නෙ
බිය සැක පැත්තක තියලා...
පව්ද නැද්ද කරන අයට?
කියන්න, ගොතලා වියලා...
බව්ද , ඤාව්වොද පලිනෑ,
එම නම් මගහැර ලියලා...
කලක පටන් ටියුබ් වලින්
අප ගන්නා ක්‍රීම් එහෙම...
මලක වගේ පෙනුමෙන් යුතු
වුවත් ඇතුල හිස්නෙ බොහොම...
වලක පිරුන හුලං වගේ,
මිරිකුවාම සද්දෙ ගැහුම...
මෙ ලක අයගෙ වැඩ නෙවදෝ,
තකනවාද ඇහෙන දහම...
දත් බෙහෙත්ද, මූණෙ ගාන
ආලේපන නොයෙක් ජාති...
කිත් පැසසුම් සහිත නාම
වලින් පුරාජේරු පාති...
පත් වන්නේ දුකට අහෝ,
පාරිබෝගිකයො අඬාති...
සත්තකින්ම හූරාකන වැඩේ
කැතයි, පව් ගෙවාති...
මිල අධිකයි සෑම දේම,
අමාරුවෙන් හොයන සල්ලි...
ඇල දොලකට දැම්ම වගෙයි,
ගසා කනව යවා පිල්ලි...
සැලකිය යුතු කරුණු මේව ,
ඇල්ලිය යුතු නේද ජල්ලි...
කළ කම් හොඳ නරක ලෙසින්
එයි පසුපස නංගි, මල්ලි...
ගෙවන්නටත් වෙයි කියලා...
මව්ද පල්ල මේ කියන්නෙ
බිය සැක පැත්තක තියලා...
පව්ද නැද්ද කරන අයට?
කියන්න, ගොතලා වියලා...
බව්ද , ඤාව්වොද පලිනෑ,
එම නම් මගහැර ලියලා...
කලක පටන් ටියුබ් වලින්
අප ගන්නා ක්‍රීම් එහෙම...
මලක වගේ පෙනුමෙන් යුතු
වුවත් ඇතුල හිස්නෙ බොහොම...
වලක පිරුන හුලං වගේ,
මිරිකුවාම සද්දෙ ගැහුම...
මෙ ලක අයගෙ වැඩ නෙවදෝ,
තකනවාද ඇහෙන දහම...
දත් බෙහෙත්ද, මූණෙ ගාන
ආලේපන නොයෙක් ජාති...
කිත් පැසසුම් සහිත නාම
වලින් පුරාජේරු පාති...
පත් වන්නේ දුකට අහෝ,
පාරිබෝගිකයො අඬාති...
සත්තකින්ම හූරාකන වැඩේ
කැතයි, පව් ගෙවාති...
මිල අධිකයි සෑම දේම,
අමාරුවෙන් හොයන සල්ලි...
ඇල දොලකට දැම්ම වගෙයි,
ගසා කනව යවා පිල්ලි...
සැලකිය යුතු කරුණු මේව ,
ඇල්ලිය යුතු නේද ජල්ලි...
කළ කම් හොඳ නරක ලෙසින්
එයි පසුපස නංගි, මල්ලි...