කපිල කුමාර කාලිංග

2022 ජුලි කලාපය

හුදෙකලා කවියෙක්

නමක් දිනු
කවියෙක් නොවෙමි
එහෙත් කවි ලියමි
නොකියැවුව අන් කෙනෙක්
මම ම කියවමි, මා කවි
තනිව විඳිනෙමි.

කවිය මට හුස්ම ය
දිවිය රැකදෙන

නිදසුනක් ලෙස
කියමි ඉකුත් වත

එක් කලෙක
ඇතිවුයෙන්
මහා නියං සායක්
රෝබියක්
කැරළි, රජ මැති අවුල්
මියෙන්නට ගති සහස් ගණනින්

දරණු නොහැකිව
දරුණු පිරිපත
ගැළව යන්නට
මගක් සෙව්වෙමි

ගෙන නෙක කවි පොත්
තනා කවි ලෙනක්
එහි සැඟවුණෙමි
මට පෙර හුන්
කවියන් ඇසුරේ
තනිකම් නොදැනුණි
තවුස් වෙසින් එහි
බෝ කල් විසුවෙමි

කවියට හැකිය
රැකුමට දිවිය
කවියක් විඳුම
ඔසුවක් බඳුය
හිත සුව සදන

එපුර වෙසෙන
මහ සෙනගට
නිතර කවි ලියා තුටුවන
මිතුරනි මට කම් කළ මැන
මගේ කවිය, මට පමණය.
View Poem