හීන හැඩ නෑ...
පිරෙන කඳුලැළි නෙතඟ ඕසෙට
නොපෙනෙනා සේ පිසින්නම්
දැනෙන සරතැස දිවිය පාමුල
නොදැනුනා සේ හිඳින්නම්
ලැබෙන අවමන් මසිත හීරෙන
නොහැඟුනා සේ විඳින්නම්
රැකෙන පතිවත නුඹගෙ නාමෙට
නොබිදෙනා සේ රකින්නම්...
විසුල අහසට එළිය සඳවති
නුඹද නිදි නෑ රැයෙත් නම්
අකල ගිලිහුණු සුවඳ මල්පෙති
රොනට ඉඩ නෑ යළිත් නම්
අපුල දිවිමඟ තනිය රඟදෙති
සිහින හැඩ නෑ තවත් නම්
පතුල සිඹිනට කඳුල සැරසෙති
සුසර බව නෑ තනුත් නම්...
කිණිති තරු මල් දිලෙන දවසක
නුඹට රහසින් කියන්නම්
පිරෙන සිතුවම් හඬන දෙනෙතක
කුමට කඳුලින් මුදන්නම්
දෙසති බුදු දම් නිවෙන පදයක
නමට දන් පැන් පුදන්නම්
විමති නොමවෙන් නොයෙන ගමනක
නුඹට නුදුරින් නිදන්නම්....
නොපෙනෙනා සේ පිසින්නම්
දැනෙන සරතැස දිවිය පාමුල
නොදැනුනා සේ හිඳින්නම්
ලැබෙන අවමන් මසිත හීරෙන
නොහැඟුනා සේ විඳින්නම්
රැකෙන පතිවත නුඹගෙ නාමෙට
නොබිදෙනා සේ රකින්නම්...
විසුල අහසට එළිය සඳවති
නුඹද නිදි නෑ රැයෙත් නම්
අකල ගිලිහුණු සුවඳ මල්පෙති
රොනට ඉඩ නෑ යළිත් නම්
අපුල දිවිමඟ තනිය රඟදෙති
සිහින හැඩ නෑ තවත් නම්
පතුල සිඹිනට කඳුල සැරසෙති
සුසර බව නෑ තනුත් නම්...
කිණිති තරු මල් දිලෙන දවසක
නුඹට රහසින් කියන්නම්
පිරෙන සිතුවම් හඬන දෙනෙතක
කුමට කඳුලින් මුදන්නම්
දෙසති බුදු දම් නිවෙන පදයක
නමට දන් පැන් පුදන්නම්
විමති නොමවෙන් නොයෙන ගමනක
නුඹට නුදුරින් නිදන්නම්....