හීනෙන් අවදි වෙන්නට
පාවෙන සුළං රැළි පසුකර යන බැවිනී
ජීවන ගමන් වෙහෙසයි දැන් හිතවතුනී
යායක පුරන් අස්වද්දන්නට තිබුණී
වෑකඩ ගිමන් හරිනට නුඹමිණ හැරුණී
කෙකටිය කරටි හිස වනමින් මග බලන
වැව් දිය රැළිති අත ගනිමින් දඟ කරන
පහුගිය මතක වැව් ඉවුරත මත ලියන
පිහිනිය යුතුම දියකින් ගොඩ එමි සැණින
සේරුන් කොකුන් කිරලුන් වැව් පිටි පීරා
ප්‍රේමෙන් සරන පියවර හෙමිහිට තෝරා
මීරෙන් පිරෙන හදවත ගැඹුරට හාරා
හීනෙන් අවදි වෙන්නට එනවද තාරා
Photo Credit; Prahlad Inala
ජීවන ගමන් වෙහෙසයි දැන් හිතවතුනී
යායක පුරන් අස්වද්දන්නට තිබුණී
වෑකඩ ගිමන් හරිනට නුඹමිණ හැරුණී
කෙකටිය කරටි හිස වනමින් මග බලන
වැව් දිය රැළිති අත ගනිමින් දඟ කරන
පහුගිය මතක වැව් ඉවුරත මත ලියන
පිහිනිය යුතුම දියකින් ගොඩ එමි සැණින
සේරුන් කොකුන් කිරලුන් වැව් පිටි පීරා
ප්‍රේමෙන් සරන පියවර හෙමිහිට තෝරා
මීරෙන් පිරෙන හදවත ගැඹුරට හාරා
හීනෙන් අවදි වෙන්නට එනවද තාරා
Photo Credit; Prahlad Inala