හීන
කසාදයවත් අතේ නැතුවයි
ගසාගෙන මෙන් ගියේ තුරුලත
එ සා ගැළපුණ හිතක් ගැස්සී
පසාරුව ඇති ලෙසකි හදවත
කුඩුම්බිය රැකගන්න හිතකින්
හැඬුම් සිරකර දැවෙන සිතිවිලි
නිකම් ඉන්නට නොදී පැසවා
ඇතැම් දින රඟ දෙවයි ගිනිකෙළි
දතිස මැද ඇති දිවක විලසින්
තැළෙමි හැම තත්පරය ඇතුළත්
නිවස මෙහෙකරුවන්ට ඇති තැන්
මෙහෙස හට නැත යන්තමින් වත්
ඈත තම නෑයින් බලන්නට
දාසයන්ටත් තියෙයි නිදහස
කාට මම් පවසම් ද අවනඩු
ඈත දිළිසෙන තරුවකට මිස
ලෝකයට පරකාසෙ වූව ද
ගේ තුළට මරගාතයකි වස
හීන බිඳගත් දූවරුන් තව
වේ ද තැවෙනා තවත් මේ ලෙස
ගසාගෙන මෙන් ගියේ තුරුලත
එ සා ගැළපුණ හිතක් ගැස්සී
පසාරුව ඇති ලෙසකි හදවත
කුඩුම්බිය රැකගන්න හිතකින්
හැඬුම් සිරකර දැවෙන සිතිවිලි
නිකම් ඉන්නට නොදී පැසවා
ඇතැම් දින රඟ දෙවයි ගිනිකෙළි
දතිස මැද ඇති දිවක විලසින්
තැළෙමි හැම තත්පරය ඇතුළත්
නිවස මෙහෙකරුවන්ට ඇති තැන්
මෙහෙස හට නැත යන්තමින් වත්
ඈත තම නෑයින් බලන්නට
දාසයන්ටත් තියෙයි නිදහස
කාට මම් පවසම් ද අවනඩු
ඈත දිළිසෙන තරුවකට මිස
ලෝකයට පරකාසෙ වූව ද
ගේ තුළට මරගාතයකි වස
හීන බිඳගත් දූවරුන් තව
වේ ද තැවෙනා තවත් මේ ලෙස