වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2025 පෙබරවාරි කලාපය

හිස් හිස්

හැමතැනම උජාරුයි හරිම හරි සද්දේ
තාල පද උඩුගුවන් සිසාරා පැද්දේ
වෙස් වළාගත් මලවි වටේටම විද්දේ
හිස් බෙරයි ආතතිය ඇති හුඟක් සද්දේ


පිරිත් පැන් ඉත්තකින් වටේටම ඉස්සේ
හිමි හිමින් ගීතිකා මුමුණමින් කැස්සේ
නොදන්නෙමි හිතේ මොන මොනවාද අස්සේ
දන්නවද හිස් කළයි පැද්දෙන්නෙ වැස්සේ

AnA 01/2025
View Poem