හිරු දෙවියන් වෙහෙස නිවයි
සුමුදු කිරණක් රැගෙන ආයෙමි
උදෑසන මා ඔබ සොයා
රුවැති පැහැපත් මගේ කිරණින්
සැතපුනා ඔබ දින පුරා
ගතට ලංවී සෙනෙහෙ වාගෙම
උණුසුමත් දන් හැටි නුරා
මතක ඇතිනේ කුසත් නිවනට
සැදුව මල් ගෙඩි තුරුලතා
ලොවට ජීවය මගෙන් සැලසෙන
කතා ඇසුවාම සිත පුරා
දැනුන සුන්දර මුදු හැඟුම් ඇත
සතුට ගෙන දෙන මට ඉතා
සැමට සුව සෙත සදා දෙන්නට
හැකිවු විලසින් මන තවා
ඉතින් වෙහෙසයි යන්න යමි මම
සයුරු රැල්ලක සැඟවිලා
ඔබට නොපෙනෙන තවත් පිරිසක්
ඉඳියි මා එනතුරු බලා
නැවත එන්නෙමි හෙට දිනේදී
මිහිරි දවසක් ගෙන ඔතා
Photo Credit; Andrey Grinkevich
උදෑසන මා ඔබ සොයා
රුවැති පැහැපත් මගේ කිරණින්
සැතපුනා ඔබ දින පුරා
ගතට ලංවී සෙනෙහෙ වාගෙම
උණුසුමත් දන් හැටි නුරා
මතක ඇතිනේ කුසත් නිවනට
සැදුව මල් ගෙඩි තුරුලතා
ලොවට ජීවය මගෙන් සැලසෙන
කතා ඇසුවාම සිත පුරා
දැනුන සුන්දර මුදු හැඟුම් ඇත
සතුට ගෙන දෙන මට ඉතා
සැමට සුව සෙත සදා දෙන්නට
හැකිවු විලසින් මන තවා
ඉතින් වෙහෙසයි යන්න යමි මම
සයුරු රැල්ලක සැඟවිලා
ඔබට නොපෙනෙන තවත් පිරිසක්
ඉඳියි මා එනතුරු බලා
නැවත එන්නෙමි හෙට දිනේදී
මිහිරි දවසක් ගෙන ඔතා
Photo Credit; Andrey Grinkevich