හිමි නැති අවුරුදු
බටහිර අහස දැක ගන්නට පියඹ යමි
එරමුදු නැතත් මැග්නෝලියා ඇත සිතෙමී
කොහා ගයන ගීයට සම හඬ ඇසෙමී
මේ සැම ඇතත් ඔබෙ සුසුමේ අඩුව දැනී
අවුරුදු කුමරු එයි අහසත් දෙබෑකර
කඹයෙන් නැතත්, යකඩෙන් ඔන්චිල්ලෙ සැර
පොඩිවුන් හැඩව කෙලි සෙල්ලම් බලමි පෙර
ආච්චි ඇතත් කෝ සීයා නෑ මෙවර
තෙල් රත්වුනෙ නැතත් රස පිරි කැවිලි ඇත
මේසය හැඩ වන්නට මල් බඳුන ඇත
ආසිරි ගීත නො අඩුව අපෙ සවනෙ ඇත
සීයගෙ අඩුව කොන්ඩය නැති කැවුමෙ ඇත
නව අවුරුදු සැම වසරෙම එන්නෙ තුටින්
ආ විගසමෙ යලි යනු නොකියාම හොරෙන්
සැමදේ නොතිර බව වැටහෙයි දහමෙ බලෙන්,
එනමුත් අඩුව ඉවසන්නේ බොහොම වැරෙන්!
එරමුදු නැතත් මැග්නෝලියා ඇත සිතෙමී
කොහා ගයන ගීයට සම හඬ ඇසෙමී
මේ සැම ඇතත් ඔබෙ සුසුමේ අඩුව දැනී
අවුරුදු කුමරු එයි අහසත් දෙබෑකර
කඹයෙන් නැතත්, යකඩෙන් ඔන්චිල්ලෙ සැර
පොඩිවුන් හැඩව කෙලි සෙල්ලම් බලමි පෙර
ආච්චි ඇතත් කෝ සීයා නෑ මෙවර
තෙල් රත්වුනෙ නැතත් රස පිරි කැවිලි ඇත
මේසය හැඩ වන්නට මල් බඳුන ඇත
ආසිරි ගීත නො අඩුව අපෙ සවනෙ ඇත
සීයගෙ අඩුව කොන්ඩය නැති කැවුමෙ ඇත
නව අවුරුදු සැම වසරෙම එන්නෙ තුටින්
ආ විගසමෙ යලි යනු නොකියාම හොරෙන්
සැමදේ නොතිර බව වැටහෙයි දහමෙ බලෙන්,
එනමුත් අඩුව ඉවසන්නේ බොහොම වැරෙන්!