නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

2021 මැයි කලාපය

හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු......

ගුරුපාර අමතකද පුංචි කඩයක් දැමුණු
තවම මතකයෙ ඇත්ද අම්මාට ගුලි ගැහුණු
ගතින් අපි දුර වුණත් මුදූ හතකින් එවුණු
ඒ සොයුරු උණුහුමට හිත පිරෙයි නොම දැමුණු

අම්මාගේ සාරියක් ඇදන් ගුරුවරිය වුණු
පන්තියේ දග මල්ල සොයන්නෙමි මැරෙන තුරු
තැන්පත්ව අද දිනේ දකින ඔබ සිටිනයුරු
හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු

පතිනියක වී එදා කැදැල්ලෙන් යන අයුරු
දකින්නට බෑ කියා හැංගිලා උන්නාලු
ඔබේ හඩ මතුවෙලා ඇමතුමක් ලැබෙනතුරු
අක්කා නිදි නෑ තාම මැදියමත් ගෙවෙනතුරු
View Poem